නැවුම් ඇරඹුමක් 🌹

12.3K 349 108
                                    


අභිත් සත්සර මංචනායක

ටෙරාන් සහස්‍ය දිසානායක

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

ටෙරාන් සහස්‍ය දිසානායක

ටෙරාන් අවුරුදු 22 ක හුරුබුහුටි බෝල කොල්ලෙක්

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

ටෙරාන් අවුරුදු 22 ක හුරුබුහුටි බෝල කොල්ලෙක් . කොටමත් නෑ ඒත් බෝල නිසා උස පේන්නෑ . දෙපාරක්ම Tec වලින් AL කරලා දෙපාරම C2 S1යි ගත්ත ගෙදර වැඩිමලා වගේම මහප්‍රාණ පණ්ඩිත බුද්ධිමතා. ටෙරාන්ට ඉන්නේ නංගී මල්ලී. නංගි ජානු මල්ලි සවී. ඒත් තුන් දෙනා ගෙදරට සුදු පුතා , සුදු දුව , පොඩී .

"සුදු පුතා මොකක් හරි course එකක් වත් කරන්න ගන්න බලන්න. කිසිම සුදුසුකමක් නැතුව රස්සාවකට වත් යන්න බෑනේ. උඹේ හීන අහස උසට ලොකු වුණාට වැඩැක් නෑ බන් ඒ වෙනුවෙන් දශමෙක දෙයක්වත් කරන්නේ නැතුව ."

"හ්ම්ම්..."

"මන් සිතූ අක්කටත් කිව්වා එහෙ job එකක් වත් තියනවා නම් උඹවත් එහෙට ගන්න බලන්න කියලා."

"අම්මෙ ඇත්තමයි ඒ company එකෙන් අයියටත් Job එකක් set උනා නම් මරු අප්පා. පේනවනේ බොසා සිතූ අක්කටයි නෙතූ අක්කටයි සලකන විදිය. එහෙම බොසෙක් නම් මන් දැකලම නෑ."

අම්මගෙයි අයියගෙයි කතාව අහන් ඉදල මැද්දෙන් පැන්නේ ජානු.

සිතූ නෙතූ කියන්නේ ටෙහාන්ගේ අම්මගෙ එකම අක්කගෙ දුවල දෙන්නා . දෙන්නම දැන් කසාද බැදල දරුමල්ලෝ ඉන්න අම්මලා. ASM Enterprises කියන්නේ ටෙරාන්ලගෙ පවුලටත් නුපුරුදු නමක් නෙමෙයි. මංචනායක කියන්නේ තමන්ගේ සේවකයන්ට උපරිම හොදින් සලකන ව්‍යාපාරිකයෙක්. සිතූ අක්කා අවුරුදු 10ක් company එකේ වැඩ කරපු නිසා දැනට අවුරුදු 2 කට විතර කලින් තෑගි ලැබුණු Aqua එකත් සිතූ නෙතූ අක්කලගෙ wedding  වලදි වගේම ගෙවල් හදද්දිත් මංචනායකගෙන් ලැබුණු උදවුත් නිසා දැන් ඒ මුළු පරම්පරාවම මංචනායකලව අදුරනවා. ඒ පවුලට විතරක් නෙමේ මුළු office එකටම මංචනායක සැලකුවෙ එහෙම තමයි.

අභිරන් 🌹 | Sinhala BLWo Geschichten leben. Entdecke jetzt