"හෙලෝ පැටියෝ කොහෙද ඉන්නේ ?""අක්කේ මම නුගේගොඩ හංදියේ ඉන්නේ."
"හරි මැණික පරිස්සමෙන් එන්න."
උදේ වැඩට එන ගමන් හිටිය ටෙරාන් ෂෙනෙලිගෙන් ආව call එක නිසා bike එක පාර අයිනෙන් නතර කරලා call එක answer කරා.
ටෙරාන් වැඩට ඇවිත් මාස තුනක් ගත වෙලා තිබ්බ වගේම ටෙරාන් ෂෙනෙලි ආදර කතාවට මාස දෙකක් සපිරිලයි තිබ්බේ. ටෙරාන්ට ජීවිතේ පලවෙනි වතාවට පිට ගෑනු කෙනෙකුට කියලා ආශ්‍රය කරන්න ලැබුණෙ ෂෙනෙලිව. ෂෙනෙලි ටෙරාන්ට වඩා අවුරුදු 8ක් විතර වැඩිමල් කෙනෙක් උනත් ෂෙනෙලිට තිබුණෙ අවුරුදු 18ක් වත් නැති පෙනුමක්. කොට , කෙට්ටු , හුරුබුහුටි ෂෙනෙලිට ලේසියෙන්ම ටෙරාන්ගේ හිතදිනා ගන්න පුළුවන් වුණා. ටෙරාන්ට රෑ වෙනකන් වැඩ කරල ගෙදර යන්න බස් නැතිවුණහම ෂෙනෙලිගෙ ගේ ගාවින් ෂෙනෙලිව ඇරලවල ෂෙනෙලිගෙ ස්කූටියෙ ගෙදර යන්න ටෙරාන් පුරුදු වුණා. මෙයාල අතර relationship එකක් ඇතිවෙන්න මේ රෑ ගමන් බිමන් යෑමත් හේතුවක් වුණා. ආදරේ කියන හැගීම කවදාවත් විදල නොතිබුණු ටෙරාන් ෂෙනෙලිගෙන් ලැබෙන අවධානය , හොයා බැලීම , ලස්සන වචන ආදරේ කියල හිතුවා. ටෙරාන් ෂෙනෙලි සම්බන්දෙ ගැන සිතූ අක්කට ඉව වැටිලා තිබුණ වගේම දුරදිග යන්න කලින් ඕක නවත්තන්න කියලත් සිතූ කීපසැරයක්ම ටෙරාන්ට warn කරලයි තිබුණේ.
Site එකට ආව ගමන් ටෙරාන් ෂෙනෙලිව හොයාගෙන ගියා.
"අක්කේ මේ..."
"මම හැමදාම කියනව බබා ඔයාට මට අක්කේ කියන එක නවත්තන්න කියලා."
"සොරි සොරි අනේ මට කියවෙනව නේ."
"කියන්නකෝ ඉතින් මොකක්ද කියන්න ගියේ."
"මේ දවස් ටිකේම රෑ ගෙදර යද්දි මට දැණුනා නිකන් කවුරු හරි මාව follow කරනවා කියලා."
"මොකා ..."
ඒක ඇහුනු ගමන් කලබල වුණු ෂෙනෙලි හොදටම බය වෙලා ටෙරාන් දිහා බැලුවා.
"ඇයි එකපාරට එහෙම හිතුනේ..."
"ඊයේ bike දෙකක් මගේ පස්සෙන් අපේ ගේ ගාවටම ආවා මන් කවදාවත් දැකල නෑ ඒ bike දෙක අපේ පාරේ යනවා. අනික මට තේරුණා ඒ bike අක්කගේ ගෙවල් පාරෙ ඉදන්මයි මගේ පස්සෙන් ආවේ."
BẠN ĐANG ĐỌC
අභිරන් 🌹 | Sinhala BL
Phi Hư CấuTaeKook Non Fanfiction #1 roses #1 marshmallows #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.12.09 2024.