69 🌹

1.3K 198 198
                                    


After 5 Years

" අපි මේ මොහොතේ රැදී සිටින්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර. අපි දැන්මේ යන්න සූදානම් වෙන්නේ අපේ ශ්‍රී ලාංකික තරුණයෝ දෙන්නෙක් විසින් පරිසර හිතකාමී අයුරින් , තිරසාර සංවර්ධනය ඔවුන්ගේ දැක්ම විදියට යොදාගනිමින් සිඩ්නි නුවර පවත්වාගෙන යන , මේ වන විට බොහෝ රටවලින් පැමිණෙන සංචාරකයින්ගේ අවධානය දිනාගත් Lanka Living Restaurant වෙතටයි . "

Restaurant එක ඇතුළට ගිය හසික full suit ඇදලා හිටිය ටෙරාන් එක්ක හෑන්ඩ් ශේක් කරහම ටෙරාන් හසිකට ඉදගන්න කියන ගමන් අත දික් කරලා සෝෆා එක පෙන්නුවා.

"අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා Lanka Living රෙස්ටුරන්හි සම අයිතිකරු සහස්‍ය දිසානායක මහත්මයා. සුභ උදෑසනක් සහස්‍ය . "

" සුභ උදෑසනක් හසික. "

" Restaurant එක ගැන කතා කරන්න කලින් මම කැමතී ඔබ ගැන වගේම මෙහි සම අයිතිකරු ජනිත් ගැන විස්තර ටිකක් දැන්ගන්න. "

" මම සහස්‍ය දිසානායක මගේ යාළුවා ජනිත් රත්වත්ත අපි දෙන්නම ලංකාවේ මධ්‍යම පාන්තික බොහෝම සාමාන්‍ය පවුල් දෙකක ළමයි දෙන්නෙක්. අපි මුලින්ම මුණගැහෙන්නේ Sydney University එකේදී. එතකොට අපේ batch එකටම ලංකාවෙන් හිටියේ අපි දෙන්නා විතරයි. අපේ යාළුකමට දැන් අවුරුදු පහකටත් වැඩී. කියන්න සතුටුයි මීට මාස 6 කට කලින් අපේ යාළුකම මස්සිනාකමට change වුණා. "

" ඔව්. මට මතකයි ගිය අවුරුද්දේ ජනුදි , ජනිත් විවාහය ලංකාවෙම අවධානය දිනා ගන්න සමත් වුණා. "

නිවේදකයා හිනා වෙවී කියනකොට ටෙරානුත් ඒකට එකග වෙන ගමන් හිනා වෙලා ඔළුව වැනුවා.

" එතකොට අපේ සහස්‍යගේ විවාහය ගැන අපිට යමක් දැනගන්න පුළුවන් වෙයිද ? මට විශ්වාසයි බොහෝ දෙනෙක් මේ පිළිබද දැනගන්න ගොඩක් උනන්දුවෙන් ඇත්තේ.. "

" මගේ නම් තාම marrage එකක් ගැන අදහසක් නෑ.. ඉස්සරහට බලමු."

" ඒ කියන්නේ අපේ තරුණියන්ට තාම බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. හොදයි අපිට කියන්නකෝ මේ ව්‍යාපාරය ආරම්භ කරන්න ඔබලට අඩිතාලම වැටුණේ කොහොමද ? දැන් ලෝකෙම අවධානය දින්නගත්ත ලෝකේ හතර වටින්ම සංචාරකයන් එන අවන්හලක් වුණත් ඕනම දේක පළවෙනි අඩිය තියන එකනේ අපහසුම. ඉතින් Lanka Living Restaurant වල ආරම්භය ගැන මතක් කලොත්. "

අභිරන් 🌹 | Sinhala BLWhere stories live. Discover now