කරුමයක් යකෝ අද හම්බුන බස් එකනම්.. !!විනාඩි විස්සක් තිස්සෙ මම හෝල්ට්ටෙකේ හිටියා.. ඊටපස්සෙ ආපු ලබ්බෙ එල්ලුනාම ඒක කොට කොට ආවා තව පැයක් විතර.. මීට වඩා හොඳයි පයින් ආවනම්..
දැන් පන්තියට යනකොට පරක්කු වෙනවා.. ලමයි විස්සක් තිහක් මැද්දෙන් ගිහින් සර්ට හේතු පැහැදිලි කරන්න ගියාමනෙ තරු පේන්නෙ..
සෙතිනුවා ඉතිම් එන්නෑනෙ මං යන සයන්ස් ක්ලාස් එකට.. ඌ හිටියනම් ඒකත් එකක්.. දැන් හවස් වෙනකම් තනියම..
තුන්වෙනි තට්ටුවට ගිහින් ශේප් එකේ ක්ලාස් හෝල් එකට ඔලුව දාලා බැලුවෙ තත්ත්වෙ සාමකාමීද කියලා බලලා ඉන්නෝන නිසා..
අනේහ්හ්හ්.. ඔය කරගත්තෙ.. හරිම අගෙයි මං පොඩි බේසිකයා.. සර් දැක්කා.. ඇයි යකෝ මටම මෙහෙම වෙන්නෙ..
" අහ් සයාෂ් පුතා.. මොකෝ ඔලුව විතරක් දාන්නෙ.."
" එන්න එන්න ඇතුලට.."හේ හේ.. ලමයි ඔක්කොම මං දිහා බලන් ඉන්නවා.. හෙන ගොන් හිනාවක් දාලා මම වැඩ්ඩා වගේ සර් ලඟට ගියා..
" මොකෝ පරක්කු.."
" බස්සෙක පරක්කූනා සර්.."
" ඉතින් බස් එක පරක්කු වෙනවනම් කලින් බස් එකේ එන්න ඉගෙන ගනිං බූරු පුතේ.."
මගුලක් කියනවා.. ඒ බස් එකේ එන්නනම් ගෙදර ගිහින් එන්න වෙන්නෙ නෑ.. යුනිෆෝම් එකෙන්ම ක්ලාස් එන්න වෙනවා..
අනෙප්ප් ස්කොඩ් එකට අව්වෙ කර වෙලා දාඩිය නාගෙන හඩ්ඩෙක් වගේ පන්තියෙ ඉන්න පුලුවන්ද.. කෙල්ලොත් ඉන්නවා.. !!
ගෙදර ගිහින් කාලා බීලා නාලා කෑල්ල වගේ සූඳ ගගහා ආතල්ලෙකේ පන්ති එනකොට සර් එනවා ඒකටත් අකුල් හෙලන්න..
" ඊලඟ දවසෙ ඉඳම් කලින් එන්නම් සර්.."
" මං ඉඳගන්නද.."" මොකෝ මොකෝ මේ.. ක්ලාස් එකට එන්න ඔය තදියම තිබ්බෙ නෑනෙ.."
" ගිය සතියෙ කිව්ව විදිහට ශ්වසන පද්ධතිය ඇඳලා කොටස් නම් කලාද.."
YOU ARE READING
සුදු අරලිය...
ספרות לא בדיונית" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...