🍂 07 කොටස

232 32 3
                                    


🌼 මල්සර




දවස් ගෙවෙනවා නම් දැනෙන්නැ. ගමේ ගිහින් ඇවිල්ලා සතියක් ගෙවෙද්දි අද මෙ මං සැරසෙන්නෙ හා හා පුරා කියලා කැම්පස් යන්න තමා. අයියාගෙ ඩැස් පාරක් නොකා යාන්තමට බෙල් එක පිහිටෙන් නැගිට්ට මම වොශ් එකකුත් දාගෙන චෙක් ශර්ට් එකකට තද නිල් ඩෙනීම් එකකුත් ඇඳලා නොමල් ශු දෙකකුත් දාන් රෙඩි වුනා.

අද ෆස්ට් ඩේ එක නිසා අයියා මාව ගිහින් දාන්නම් කිව්වා ඊයෙ... ඔව්වා ඉතිං අද විතරයි ඊලඟ දවස පලකො බස් එකෙ. මට බැ අප්පාාහ්..... කොහෙද ලයිසන් ගන්න වැඩෙ වත් කරගන්න යන්න බැරිවුනා නෙ අර පිස්සු හුටන්ලා නිසා. වෙන මොක්කුද.... අර යාලුවො කියන අපතයො දෙන්නා තමා. උන් මාවත් ඇදන් අවලමෙ ගියානෙ.

අවලමෙ ගියා කියන්නෙ පෙන්ස් මෙමයි.... අපෙ ඉමල්කයට මෙ ළඟදි ඉඳන් ස⁣හලෝලම ලව් සික් වැලදිලා ඉන්නෙ. ඌ යාලුවෙලා හිටිය කෙලි පරානෙ මූට බූට තියලා. සෝ සෑඩ්.... මූත් අනෙ සාදු කියලා කරගැහුවෙ සුනාමියෙන් පස්සෙ දෝනියෙක්ට නෙ. ඒකි ඉතිං මුට කොකා පෙන්නලා ගියා. ගිය සතියෙම වුනෙ ඕකගෙ දුක අහන එකයි ඒකි යන ක්ලාස් එක ගාව රැකන් කෙල්ලගෙ අලුත් ප්‍රෙම කුරුල්ලා මොකාද කියලා හොයන එකයි.

ආදරෙ අන්දයි කියන කතාව සහතික ඇත්ත බං..... මට ඒක මු නිසාම දැන් හොඳටම තෙරිලා තියෙන්නෙ. ඇයි #ත්ත අරකි ගියා කියලා මූ වැලලෙන හැටියට මටත් ජිවිතෙට ලව් එපා කියලා හිතුනා. යන එවුන්ට යන්න දෙන්න ඔන.. ආයෙ අනෙ හුනෙ ගාන් වැඳගෙන යද්දි ලාචෝරුනෙ තනිකර. එව්ව්....

ඔය අස්සෙ බොර දියේ මාලු බාන පරයා තමා අනිකා. රයනයා..... ඒකට ලව් නැ.... හරියටම කියනවා නම් ඌට එක ලවක් කියලා නැ. තනිකර අනංග සීන් එකෙ ඉන්නෙ. උගෙ උදාන වාක්‍ය වගෙ කටේ තියෙන්නෙම,
" ලව් කරොත් එකයි, තනිකඩ නම් ගොඩයි "

ඌ ක්ලාස් එක ගාව කැරකුන දවස් ටිකට මී මැස්සා වගෙ පැණි පෙර පෙර කෙල්ලො ටෝක් කරපු එක කලේ. උනුත් මොකද ඌව දැකලා ඇඹරිලා ලැජ්ජ වෙලා හෙනම රංගනේ එතන. අනෙ අම්මපා මුට සෙට් වෙන්න ඕන හොදවයින් දෙබරියෙක්.... ඔය අනංග ගති පෑල දොරිං ලෙෆ්ට් වෙන්නෙ ආන් එදාට තමා.

 🌼 මල්සර ( Non - Fiction )Where stories live. Discover now