🍂 16 කොටස

187 32 9
                                    

🌼 මල්සර





" රනුඝ... අපෙ අක්කගෙ කෙල්ලව.. අර පාහරයා මරලා දාලා... "

කෝල් එකෙන් ඇහුන දේත් එක්ක රනුඝගෙ අතේ තිබ්බ ෆෝන් එක මිරිකිලා ගියෙ අවුරුදු ගානකට කලින් මේ වගේම ඇහුන මරණයක් ගැන මතක් වෙලයි. අයියගෙ මරණෙ... ඔව්.. මේකත් එ සාහසිකයගෙම වැඩක්.

" අපි කරපු කිසි දේකින් අන්තිමට වැඩක් වුන්නැ බං... ශිට්... "

" ...... "

" මට.. මගෙම එකෙක්වවත් බෙර ගන්න බැරිව ගියා මල්ලි... මට ඌව දැන් අහුවුනොත් කැති ගහලා මරන්න පුලුවන්... වේස බල්ලා.. "

දුකත් වෛරයත් අතර දෝලනය වෙමින් අනෙක් පස සිටි තැනැත්තා කැ ගසද්දි රනුඝගෙ අතේ තියෙන ෆෝන් එක පිපිරෙන තරමට මිරිකෙමිනුයි තිබ්බෙ.

" රනුඝ.... මං මොනාද බං මගෙ අක්කට කියන්නෙ... මට.. මට හිතාගන්න බැ බං මල්ලි "

බර හුස්මක් අතඇරපු රනුඝ කොන්ඩෙත් එක අතකින් අවුස්සලා සන්සුන් වෙන්න උත්සාහ කරමින් කතා කරන්න පටන් ගත්තා.

" අයියා දැන් කොහෙද ඉන්නෙ... "

" මම අපෙ පොට් එකේ ඉන්නෙ... මට ගෙදර යන්න බැ බං... මගෙ අක්කා කෙල්ල ගැන අහද්දි.. මම මොනාද කියන්නෙ... එයාට... "

වෛරයකින් පටන් ගත් කතාව දැන් දැන් හැඩුමකට ආසන්න ස්වරයක් වෙලා.

" හරි.... ⁣ටෙන් මිනිට්ස් දෙන්න මං එනවා ඔතනට... අයියා කලබල නොවි ඉන්න.. ඇවිල්ලා කරන දෙයක් ගැන කතා වෙමු අපි.. "

රනුඝ කාර් එක ස්ටාර් කරන්න ලැස්ති වෙමින් එහෙම කිව්වත්,

" දැන් මොනව කියලා.. කරන්නද බං.... අපි නොකරපු දෙයක් තිබ්බද කෙල්ලව.... හොයාගන්න... අන්ත්... අන්තිමට අපි කරපු සේරම.. වතුරෙ ගියා..... අක්කා කෙල්ල අතුරුදහන් වුන දවසෙ ඉදලා.. වැලහින්න වගේ අඬනවා... මෙ දැනුත් කොල් ගන්නවා බං මට.... මං මොනවද බං මල්ලි.. අක්කට කිය..න්නෙ... "

අනෙක් පසෙන් ඇහෙන හැඬුම රනුඝටත් ලොකු වේදනාවක් ගෙනාවේ. තමන්ගේම කෙනෙක් නැතිවෙන වේදනාව රනුඝට වෙනමම වටහන්න ඕන දෙයක් නෙවෙයි.

" මේක අහපන් අයියෙ... උඹ ඔහොම කඩන් වැටිලා බැ දැන්.... මං දැන් එන්න පිටත් වෙනවා.. ඔතනම ඉන්න..ම්ම්ම් "

 🌼 මල්සර ( Non - Fiction )Where stories live. Discover now