❄️23🔥

116 19 9
                                    

චන්දු අයියා වගෙම කැලුම් අයියාත් නිතර නිතර මගේ මැනික බලන්න ආවා... හෙසදුවා මදුකයා වැඩි පුරම හිටියේ මාත් එක්ක වෙනකොට අයියාලාට බැරි වුනාට අයියාලා එක්ක එක්සැම් කරපු අයගේ රිසාල්ට් ඊයේ රෑ අවුට් වුනා... එයා අද හොදට හිටියානම් එයත් එක්සැම් ලියලා පාස් වෙනවා නේද කියලා මතක් වෙනකොට මගේ බඩ පපුව හෝස් ගාලා ගියා...හ්ම්...කමක් නෑ පන ... මම මැරෙනකන් උබව බලා ගන්නම් මගේ අයියා.... ඔයා අබ්බගාතයෙක් වුනත් මට කමක් නෑ..මම ආදරෙයි උතුරන්න මගේ ගෞව් ....

කාලය පියාබනවද මන්දා... ඒත් දවස ගෙවෙන්නේ හිමින් කියලා මට දැනුනට කාලය ඉක්මනට ගෙවිලා ගිහින්... අදට එයා නැතුව මන් එයා ගාවට වෙලා මාස හයක් වෙනවා... තව මාස හයකින් මට එක්සැම් එක ...මේ මාස හයම මම හිටියේ හොස්පිටල් එකේ...

කවුරුත් මට ගෙදර එන්න කියලා බල කරෙත් නැ..බැන්නෙත් නෑ... මම අවසානෙට ගෙදර ගිහින් එන්න ගියේ සිතු අයියාගෙ බබා බලන්න විතරයි...එකත් පැය තුන හතරකට...

"මගේ අයියා දැන් ඇති නේද අනේ ඔහොම හිටියා...නැගිටින්නකො... බලන්නකෝ ඔයාගේ නුවී ඔයා ගාවට වෙලා ඉන්නවා...මම පව් නැද්ද රත්තරන් ... උබේ උණුහුමට ගුලි වෙන්න ඔන මට තනියෙම සිතලේ ඔයා ගාවට වෙලා ඉන්න වුනාම...හ්ම්ක්...

දන්නවද අද මට හර්ෂ් අයියා හම්බුනා එයා ජපුරට සිලෙට් වෙලා...මම එයාට විශ් කරා... එයා මගෙන් ඇහුවා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ගෞරව් ද කියලා... මම ඔව් කිව්වා ...ඒ වගෙම මම එයාගෙන් සමාව ගත්තා එයාට කලින් කිව්ව නැති එකට...ඒත් එයා හිනාවෙලා පරිස්සමෙන් ඉන්න ..එයා තවම මට ආදරෙයි කියලා ගියා...

මට මහා තනිකමක් දැනෙනවා මගේ අයියා...ඇයි අපි බැරි වුනේ පරිස්සම් වෙන්න... හ්ම් දන්නවාද අද අර ඩයිවර් අංකල්ගේ ගෙදරින් ආවා ඔයාව බලන්න...පව් ඒ මිනිස්සුත් ඔයා ගැන දුක් වෙනවා.. ඔයා හරි හොද කෙනෙක්ලු... පව් අහිංසක කොලු පැටියා කිව්වා...දන්නවද මට දුක වුනත් ඒ අස්සේ මට ඔයා ගැන ආඩම්බරයක් ආවා....ඒ තරම් හොද කොලු පැටියෙක්ද මගේ අනාගතේ හස්බන්ඩ් වෙන්න ඉන්නේ කියලා ."

මම එයා එක්ක ගොඩක් දෙවල් කතා කරා..අවසානේ මටම හති වැටිලා එයාගේ ඇද වුඩම ඔලුව තියාගෙන නිදා ගත්තා...

Touch my soul (yizhan )Where stories live. Discover now