❄️24🔥

117 17 12
                                    

"දැන් කොහොමද ...කකුල ගොඩක් වේදනාව දැනෙනවද..නැත්තම් දැනෙන්නෙම නැද්ද"

"කකුල හිරිවැටිලා වගේ තියෙන්නේ ඩොක්ට "

"හ්ම්... දුනුසිංහ ඇමතිතුමා ... මම හිතන්නේ අපිට පුතාගේ කකුල ගැන 75%ක් විශ්වාස කරන්න පුලුවන් ..ඔයාලා මෙයාව සිංහල වෙදකම් කරන්න අරන් යනවද නැත්තම් මෙහෙම ..."

"අපෝ කොල්ලාගේ අයිතිකාරයා මෙයාව සිංහල වෙදකම් කරන්න අරන් යන් කියනවා... මම හිතන්නේ එයාලගේ කැමැත්ට ඉඩ දෙන්න ඔනේ නේද.අනික මාත් කැමති ඩොක්ට සිංහල වෙදකම් කරන්න..කල් ගියාට කමක් නෑ...නිට්ටාවටම හොද වෙන නිසා..."

"හරි එහෙනම් හෙට පුතාගේ ටිකට් කපමු..."

ඩොක්ට එක්ක අප්පච්චිලාත් ගියා...මට වෙලාවකට හිතෙනවා ඒ දෙන්නා කපල් එකක්ද කියලා..යන එන හැමතැනම එයාලා එකටනේ යන්නේ...හ්ම්ක්...

"මොනවද මේ ඇස් කරක කරක කල්පනා කරන්නේ නුවී...පාඩම් කරන්නේ නැද්ද"

"ආ..දැන් මතක් වුනේ.. දැන් ඔයාට හොදයිනේ...මට එක්සැම් එකට තව මාස හයක් තියෙනවා....ඉතින් ඔයත් දැන් හොදයි...කැලුම් අයියාට චන්දු අයියාට දැන් සනිප එකේ ඔය තුන් දෙනාත් අපි එක්කම එක්සැම් කරමු...මම හෙට එනකොට අප්ලිකේශන් එකක් අරන් එන්නම් හාද...ප්ලිස් මන් වෙනුවෙන් හාත....අපේ බබා වෙනුවෙන් "

"බබා...හුලගින්ද බන්.... හ්ම්.....ඔයාට ඕනේ ඒක නම් හා... අපි ලියමු.... මාව ඉතින් විල් චෙයා එකේ අරන් යන්න වෙන්නේ ඔයාට තමා.."

"අපොයි නෑ..එතකොට ඔයාට ඇවිදින්න පුලුවන් අනේ...බය වෙන්න එපා...මම කියනවානේ..."

"හ්ම්..කෝ එන්නකෝ ලගට... උදේ ඉදන් පාලුවෙන් හිටියේ...මගේ වස්තුව නැතුව"

අනේ පලයන් යන්න අයියා...පාලුයි ලු..ඉන්න ඇති මෙතන ඉන්න ලස්සන නර්ස් අක්කා කෙනෙක්ට පැණි හල හල...හ්ම්ක්.... කමක් නෑඅ ලගට එන්න කියන එකේ යනවා....

"අයියා බබා..ඔයා අනුරාධපුර යනකොට මාව එක්කන් යන්න හාද..."

"හ්ම්...එක්කන් යන්නම් ... දැන් කාල ඉන්න..."

මට කන්න කිව්ව එයා ෆෝන් එක අරන් fb එකේ...ඕකනේ කරන්න බැරි...මන් ඉන්නකොට මාත් එක්ක හිටපන්කෝ මිනිහෝ .. මට ඔයා එපා ..මම වෙන කෙනෙක් හොයා ගන්නවා ඇයි අප්පා....හ්ම්ක්

Touch my soul (yizhan )Where stories live. Discover now