තිස්වන ස්වරය ❤️

322 16 84
                                    

ස.....නිරිග....රිස...
නිරිගම'පම'ග....රි.....නිස....
පම'...ගම'....රි°නිස°....

ගරිස_ / නිරිස_ / පම'ගරි / ග_ _ _
නිරිගම' / පම'ගප / රිරිගරි / ස_ _ _

කල්‍යාන් මේල ගත් දිවා ප්‍රතම ප්‍රහර ගාන සම ගත් නිරිගම'පම'ගරිස මුඛ්‍යාංග ගත් ශෘංගාර රස හදට කාවද්දන පට්ට රාගය , යමන්.

(උඩ තියෙන චොටා ඛ්‍යාල් එකට වඩා ලස්සන ඒවා තියේ...ඒත් බ්‍රැකට්ස් ටයිප් කරන්න වෙන නිසා ඒවා දාන්න වුනේ නෑ ...ඒකයි තියෙන සරලම එකක පොඩි කෑල්ලක් විතරක් දැම්මේ...මියුසික් කර්පු උන් දන්නවනෙ ස්වර එකට බඳින එක...ඒකට මම කියන්නෙ බ්‍රැකට් දානව කියල)

යමන් කියන්නෙ සම්පූර්න පරම පවිත්‍ර ශුද්ද ස්වර අතරට එකම එක අශුද්ද ස්වරයක් ඔබ්බවා ගොඩනගපු රාගයක්...

කොටින්ම (ස රි ග ම ප ධ නි ) කියන ශුද්ද ස්වර හතේ ම ස්වරය විතරක් පොඩ්ඩක් විකෘති කරලා හඬ ස්වර භාගයක් ඉහලට දාලා ඔබ්බවලා තමා යමන් රාගය ගොඩනැගිලා තියෙන්නෙ...( ස රි ග ම' ප ධ නි )

මිනිස්සු හරි බයයි වෙනස් දේවල්වලට...මිනිස්සු හරි බයයි සම්ප්‍රදායෙන් පිට පනින දේවල්වලට...
ඒත් හැමදේම එකකාරී වුනු දේවල් අස්සට විවිදත්වය ඔබ්බලා බලන්නකො , ඒකෙ ප්‍රථිඵලයත් අනිවාරෙන්ම යමන් රාගය තරම් ම ලස්සන වේවි...ඒකනෙ සේරම ඒකාකාරී ප්‍රකෘති ස්වර තියෙන බිලාවල් , භූපාලි , බිහාග් වගේ රාගවලට වඩා රමන් රාගය මේ තරම් ම ලස්සන...කොටින්ම පට්ටම ලස්සන රාග වෙන
කාලිංගඩා 
භෛරව්
භෛරවී
ආශාවරී
චාරුකේශී
මාලකෞන්ස්
සෝහිනී
භාගේශ්‍රී
බීම්පලාශ්‍රී
ගෞද් සාරංග
රාගේශ්‍රී
ශිවරංජනී
හමීර්
ඛමාජ්
දේශ්
භ්‍රින්දාමනී සාරංග ,
පූර්වි ,
තෝඩි ,
මාර්වා
අදාරා
හංසධ්වනි
කානඩා
කේදාර්
ජෝග්
රංජනී
පූරිය දනශ්‍රී
නීලම්බරී
ජෞනපූරී
කාෆි
කලාවතී
පටදීප්
දුර්ගා
තිලක් කාමෝද්
දර්බාරි ඛානඩා
ජයජයවන්ති
පීලු
බහාර්
මල්හාර්
වගේ නිතර අහන්න ලැබෙන සුලබ ,පුදුමාකාර ලස්සන රාග ඔක්කොම වගේ ප්‍රකුතිය අස්සට විකෘතිය ඔබ්බවලා රස ඔපදවන රාග...( මේ හැම රාගයක්ම මම හදාරලා නෑ...නමුත් සැලකිය යුතු ප්‍රමානයක් හදාරලා තියෙනවා..ඒත් මේ හැම රාගයක්ම අහලා සහ විඳලා තියෙනවා )

තත් 🔞Where stories live. Discover now