13

76 9 0
                                    

මාස ගානක් ගෙවිලා ගිහින් දන්නෙම නැතුව. මේ දවස්වල එක්සෑම් ලග හින්දා ඉවේන්ලා වුනත්ඔ වැඩිය ඉස්කෝලෙ එන්නෙ නෑ. ආවත් වැඩක් වෙන්නෙ නෑනෙ. යෙහාන්ලට ඉස්කෝලෙ පටන් අරන්. එයා කරන්නෙ කොමස්. සත්රූට ලගදි මැච් එකක් තියනව කියල එයා ප්‍රැක්ටිස් යනව. සිතුම්ටත් ස්විමින් තරග , යෙනුජටත් රගර් මැච් වැටිලා ඉතින් ඒ තුන්දෙනම පන්තියේ නෑ. ආයුත් බැඩ්මින්ටන් ක්ලබ් එක පැත්තෙ ගිහින් ආවට එයා ටූනමන්ට් යන්නෙ නෑනෙ.මේ සැරේ ටූනමන්ට් යන කෙනාට උදව් කරලා එනවා. ආයු තනියම පන්තියට වෙලා ඉන්නකොට පන්තියට ආවෙ ඉවේන්.

" මට එක අවස්ථාවක් දෙන්න පුළුවන්ද ආයු "

කොයි වෙලාවෙ කතාව පටන් ගත්තත් පටන් ගන්නෙ ඔතනින්. මේ අවස්ථාව ඉවේන් ගොඩක් කල් ඉදන් ආයුගෙන් ඉල්ලනවා. එයාල නුවර ට්‍රිප් එක ගිහින් ආවටපස්සෙ ඉදන්ම ඔය අවස්ථාව ඉල්ලනවා. මෙහෙම ඇවිත් ඇහුවම ආයු දන්නව එයා මොකද්ද කියන්නෙ කියලා.

" ආදරේ කියන්නෙ ඔයාට අකුරු හතරක් වුනාට මට ඒක අකුරු කරගන්න බැරි හැගීම්ක්. මම ආදරේට හරි ලෝබයි "

" රසකරලා කියන්න අනිත් අයට වගේ ලස්සන ස්ටෝරියක් මට නෑ මල්ලි ඒත් උඹ දකිනකොට මගෙ හිතට එන හැගීම අවංකයි "

" විශ්වාස කරන්න පුළුවන්ද "

" මට පුළුවන් විශ්වාසෙ රකින්න. එක අවස්ථාවක් ලැබුනොත් මම ඒක පෙන්නන්නන් "

" මම බයයි "

" අතීතෙ අමතක කරලා වර්තමානෙ ජීවත් වෙන්න ආයු. එතකොට හැම කෙනාම එක වගේ නෑ කියල පෙනෙයි "

නොකියා කීවෙ එයෝන් ගැන. ඒක ආයුට තේරුනා ඒකම තමයි ඔලුව වැනුවෙ. ඉවේන්ගෙ කතාව ඇත්ත වෙන්න පුළුවන්. හැමෝම එකවගේ නොවෙන්න පුළුවන් ඒත අතීතෙ අමතක කරන්න ආයු ලෑස්තිද. ගිල්වපු රබර් බෝලයක් හැමදාම වතුර යට තියාගන්න බෑ. අතෑරපු ගමන් ඒක උඩ එනවා වගේ එයෝන්ගෙ මතකෙත් අමතක කරාට ඒක කවදම හරි උඩට එනවනෙ. සැරෙන් සැරේට එයාම ලගට ඇවිත් මතකය අවුස්සන කොට කොහොමනන් අමතක කරන්නද.

" මට කල් ඕනෙ "

" ඕන තරන් කාලයක් ගන්න. මම බලන් ඉන්නන් "

ආයු ( Non fiction )Where stories live. Discover now