ඉරිදා දවසෙ හිච්චි පාතාලෙ හතරදෙනාට ක්ලාස් නෑනෙ ඉතින් නිදහස්. ඉස්කෝලෙ යනවා වගේ උදේ පාන්දරම නැගිටින්න උවමනාවකුත් නෑ ඒ හින්ම හතරදෙනා ටිකක් දවල් වෙනකන් නිදාගත්තා. ආයූ උඩ ගිහින් ඇහැරුනේ වෙන මොකුත් හින්දා නෙමේ ගෙදර ඉස්සරහ කවුදෝ කෙනෙක් වාහනේ හෝන් එකනුඩ නැගලා.
" දැන්ද නැගිට්ටෙ "
" ම්ම් "
ඒ වෙන කවුරුත් නෙමේ ඉවේන්. කලින් දවසෙ හෝමගම ගිහින් පාන්දර එකත් පහුවෙලා ගෙදර ආව මනුස්සයා උදේ හයට විතර වෙනකොට එයාගෙ මල්ලිත් එක්ක ගෙදර ඉස්සරහ.
" මොකෝ සනීප නැද්ද " මූණ දැක්ක ගමන් කියන්න පුළුවන් ආයු ඉන්නෙ අසනීපෙන් කියලා. ඊයෙ රෑ ඉදන්.
" ම්ම් ගැස්ට්‍රයිටිස් "
" ආයෙත් හදාගත්තද. කන්නෙත් නෑ. දන්නව නේද තමුසෙට ඕක හැදුනම අමාරුයි කියලා. යෙහාන් එක්ක ගිහින් මූණ හෝදන් අනිත් තුන්දෙනාවත් ඇහැරවගන පහලට එන්න අම්මා කෑම එව්ව "
ආයුට එහෙම කීවෙ යෙහාන්ටත් එයා එක්ක යන්න කියලා ඇස්වලින් ඉගි කරන ගමන්මයි. ආයු යෙහාන් එක්ක උඩට ගිහින් එන ටිකට ඉවේන් අම්මා එව්ව කෑම ටිකත් මේසෙට ඇරලා තිබ්බා.
" මොකද්ද අප්පා ඔය අයියටයි මල්ලිටයි වෙලා තියෙන්නෙ " ඒ පාර කුනු කුනු ගාන්නෙ වෙන කවුරුත් නෙමේ සත්රූ. සාමාන්‍යයෙන් නිවාඩු දවස්වලට දවල් වෙනකන් නිදාගන්න එක එයාගෙ පුරුද්දක්. ඔය කියවන්නෙනන් නිදි විකාරෙන්.
" ඒ කීවෙ "
" උදේම මෙහෙ " සත්රූගෙ උදව්වට සිතුම් , යෙනුජ දෙන්නත් එකතු වුනා.
" අපි එන්න තමා හිටියෙ හැබැයි දවල්. මේ උදේම ආවෙ අපේ තනි කැමත්තට ආව එකක් නෙමේ ඉවේන් අයියගෙ අම්මා තමා අපිව එව්වෙ " මේ හැමදේකටම නිදහසට කරුණු කියන්න වුනේ යෙහාන්ට.
" ආයු එන්න කන්න " ඉවේන් අඩගැහුවෙ පහලට ආව ගමන් කෑම මේසෙට ඔලුව තියාගන ඉන්න ආයුට
" කන්න බෑ."
" බෑ කියලා හරියන්නෑනෙ එන්න "
" කෑවම වොමිට් වෙනවා අයියෙ. ඒක ඊට වඩා අමාරුයි "
YOU ARE READING
ආයු ( Non fiction )
Non-Fiction" ඔයාට ආදරේ කියන්නෙ අකුරු හතරක් වුනාට.... මට ඒක අකුරු කරගන්න්න බැරි හැගීමක්. මම ආදරේට හරි ලෝබයි අයියෙ " - ජානුල් ඒනාශ් ( ආයු ) " රසකරලා කියන්න අනිත් අයට වගේ ලස්සන ස්ටෝරියක්නන් මට නෑ මල්ලි ඒත් උඹ දකිනකොට මගෙ හිතට එන හැගීම අවංකයි " - එනුක ඉවේන්