22

61 13 1
                                    

ඉවේන්ට තාත්තගෙ වැඩකට කුරුණෑගල යන්න වෙනවා කියලා ආයුට කලින්ම කියලා තිබ්බ හින්දා. හතරදෙනා ගියේ බයික්වල. ඊට වඩා සතුටක්නන් හතරදෙනාට තියෙන්න නැතුව ඇති. ඉවේන් පුළුවන් තරන් ආයුට තහනන් දාලා තිබ්බේ. හැබැයි ඒව වැටු ආයුට විතරක් නෙමේ. එයාගෙ අතිජාත පාප මිත්‍රයො තුන්දෙනාටත් එක්කමයි.

" යෙනුජ විනාඩියක් එන්නකො " යෙනුජ පාකින් එකට බයික් එක දාන්න යනකොටම එතනට ආවෙ යොවිදු. හරි නේද ඔව් ඔව් එයා තමා. මෙච්චර කලෙකට යෙනුජගෙ දැක්කෙ නැති බෝල්ට් පෙන්. අහ් නෑ නෑ බෝයිෆ්‍රෙන්ඩ්.

හරිනෙ ඉතින් දැන් එනකන් ඉන්න වෙනවා. වැඩ කන්දක් ගොඩ ගැහිල තියන මේ වෙලාවෙ සත්රූට හිතුනෙ ඕන මගුලක් කරගන්න කියලා යන්න. මොනා කරන්නද හොදම යාලුවො දාලා යන පුරුද්දක් නෑනෙ. ඉතින් ඉන්න වෙනවා. මේ දවස්වල අලුත් ප්‍රිෆෙක්ට්ලට බැජ් පලන්දන එකේ වැඩ ටික කෙරෙන හින්දා ඩිවුටනන් ටිකක් ශේප් වෙලා තිබ්බෙ.අදනන් සත්රූට ප්‍රිෆෙක්ට් රූම් එක පැත්තෙ යන්න බැරිවුනා.

" Excuse me miss , may i come in "

සත්රූලට තිබ්බෙ english පීරියඩ් එක. පොතට ඔලුව ඔබාගන හිටිය සත්රූ අකුණක් ගැහුව වගේ ඔලුව ඉස්සුවේ එකපාරටම පන්තියට ඇවිල්ලා කඩ්ඩෙන් කොටන එකාව බලන්න. යකෝ මූ. වෙන කවුරුත් නෙමේ ඒ සත්රූගෙ ඉතුරු භාගෙ යෙහාන්. මුටම ගිය රට කීවලු. අනිත් එක මේක කවද්ද කඩ්ඩෙන් කොටන්න පටන් ගත්තෙ. සත්රූ ඇස් දෙකත් ජිම් බෝල සයිස් කරගෙන බලන් හිටියෙ යෙහාන් දිහා.

" come in "

" Rasika sir asked Miss Satru and Situm brother to come to the prefect room. "

" Satru, Sithum go to the prefect room "

' ගියා. යකෝ විනාඩියක් ඉන්න එපැයි මං එනකන්. හිටිය කියලා මොනාහරි වෙනව යෑ ' සත්රූ බිම තියන ගල්වලටත් පයින් ගහ ගහ ගියේ ප්‍රිෆෙක්ට් රූම් එකට. ටික දුරක යනකොටම එය හැප්පුනේ පාර මැද හිටවලා තිබ්බ කණුවක. අහ් නෑ නෑ කාගෙද මංද ඇගේ

" මොකද නැවතුනේ "

" මට බැන බැන නේද ඔය එන්නෙ "

" අනේ මට වෙන වැඩ නෑනෙ "

" හාකො "

ආයමත් මොකාද වගේ ගනන් ගන්නැතුවම යන්න ගියා. මේකගෙ ගෑස්.අයියත් එකයි මහ ලොකු මල්ලිත් එකයි. ලොකු පගෙ ගෑස් මදි නොකියන්න පොඩි පට ගිහින් තිබ්බා.

ආයු ( Non fiction )Where stories live. Discover now